Newweb111 copy
ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය හෝ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය භාවිතා කරන්න. නිවැරදි දැකීම සඳහා 1024 x 768 ට තිරය සකසන්න
ප්‍රවෘත්ති කියවීම සඳහා යුනිකෝඩ් ‍ෆොන්ට් භාවිතා කරන්න
විශේෂ පුවත්
 
   
චක්‍රලේඛ
dot ප්‍රඥප්ති
ටෙන්ඩර් දැන්වීම්new
ප්‍රතිඵලnew
බඳවා ගැනීම්
පරිගණක පාඨමාලා
dot සබරගමුව පළාත් මධ්‍යකාලීන සංවර්ධන සැලැස්ම
   
සංඛ්‍යාලේඛන
දුරකථන නාමාවලිය
   
ජාතික කොඩිය
රාජ්‍ය ලාංඡනය
පළාත් කොඩිය
පළාත් පුෂ්පය
අකුරු ගන්න
   
වෙබ් අඩවිය සඳහා තොරතුරු එවීමේ ආකෘතිය
(සබරගමුව පළාත් සභා කාර්යාල සඳහා පමණි)
2010.
 
 
Newweb.
අපේ දැක්ම
යහ පාලනය තුළින් සෞභාග්‍යමත් සබරගමුව පළාතක්
අපේ මෙහෙවර
සාධාරණත්වය,සමානාත්මතාවය හා විනිවිදභාවයෙන් යුතු නිසි මග පෙන්වීම මත,මානව හා භෞතික සම්පත් ඵලදායිවඋපයෝගී කරගනිමින් පළාතේ අනන්‍යතාවය සුරකිමින් පළාතේ අභිවෘද්ධිය හා මහජන සුභසාධනය උදෙසා ගනු ලබන සියලු ක්‍රියාමාර්ග සාකල්‍යයෙන්ම ක්‍රියාත්මක කරවීම.
Untitled Document
ppsc
ආණ්ඩුකාරවර කාර්යාලය
    ප්‍රධාන මෙනුව ගරු වි.ජ.මු.ලොකුබණ්ඩාර මැතිතුමා
ගරු ආණ්ඩුකාරවර
කාර්ය මණ්ඩලය
ව්‍යාපෘති
වැඩ සටහන්
ආයතන ව්‍යුහය
ඡායාරූප
බන්දුල ඒ.නාගසිංහ මහතා
ආණ්ඩුකාරවර ලේකම්
    අප ගැන     අමතන්න
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ XVII අ පරිච්ජේදයේ 154 වන ව්‍යවස්ථාව යටතේ සබරගමුව පළාත සඳහා ගරු ආණ්ඩුකාරවරයා අතිගරු ජනාධිපතිතුමන් විසින් පත්කර ඇත. එම ව්‍යවස්ථාව යටතේ ගරු ආණ්ඩුකාරතුමාට පැවරී ඇති කාර්යයන් සහ 1987 අංක 42 දරන පළාත් සභා පනත යටතේ ගරු ආණ්ඩුකාරතුමා වෙත පළාත් රාජ්‍ය සේවකයන් පිළිබදව පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරනු ලැබේ. ගරු ආණ්ඩුකාරතුමාගේ බලතල ආණ්ඩුකාර ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කාර්ය මණ්ඩලයක් ද ගරු ආණ්ඩුකාරතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයක් ද මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ. ලිපිනය : සබරගමුව පළාත් සභාව, නව නගරය,රත්නපුර

දුරකතන අංකය : +94 45 2222541

ඊමේල් ලිපිනය : sggovsec@sltnet.lk
 
        ප්‍රධාන කාර්යභාරය    
    ගරු ආණ්ඩුකාරතුමාගේ බලතල යටතේ එතුමාගේ විධානයට යටත්ව පහත සඳහන් කාර්යයන් සිදු කරනු ලැබේ.
  • 1987 අංක 42 දරන පළාත් සභා පනතේ (8)(අ) දරන උපවගන්තියේ ගරු ආණ්ඩුකාරතුමාට බලතල පැවරී ඇති පරිදි,සුදුසු යයි ආණ්ඩුකාරවරයා අදහස් කරන වේලාවක දී සහ ස්ථානයකදී පළාත් සභාව කැඳවීම.
  • පළාත් සභාවේ වාරාවසාන කිරිම සහ නැවත වාරය පටන් ගැනීමට දින නියම කිරීම.
  • පළාත් සභාව විසින් සම්මත කරනු ලබන ප්‍රඥප්ති යටතේ වන විධායක බලය පළාත් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් මාර්ගයෙන් හෝ සිය යටත් නිලධාරීයන් මාර්ගයෙන් ක්‍රියාත්මක කරනු ලබන විධායක බලය, ක්‍රියාවට නැංවීම සදහා පියවර ගැනීම.
  • පළාත් සභාව විසින් සම්මත කරනු ලැබු ප්‍රඥප්ති සදහා ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ලබා දීම.
  • පළාත් රාජ්‍ය සේවයට පත්කිරිම,උසස් කිරීම,මාරු කිරිම හා විනය පාලනය පිළිබඳව විධිවිධාන නියම කිරිම.
  • සහ පළාත් අමාත්‍යංශවල නිලධාරීන් වෙත, පළාත් රාජ්‍ය සේවයට අදාළ කටයුතු සදහා බලතල පැවරීම.
  • පළාත් සභාවේ ,ආණ්ඩුකාරවර ලේකම්, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්,අමාත්‍යංශ ලේකම්වරුන්,සභා ලේකම්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ යන නිලධාරීන් කෙලින්ම ගරු ආණ්ඩුකාරතුමා විසින් පත් කිරිම.
  • පළාත් සභාවේ අයවැය ලේඛනය ඇතුලත් වාර්ෂික මුල්‍ය ප්‍රකාශය සහ
    පළාත් සභාවේ මුල්‍ය කටයුතු පිළිබඳ රිති පැනවීම.
  • පළාත් සභාව විසින් සම්මත කරනු ලබන ප්‍රඥප්ති සදහා ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ලබාදීම.
  • ප්‍රධාන ලේකම් විසින් හෝ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව හෝ පළාත් අමාත්‍යංශයක ලේකම් වරයකු විසින් හෝ පනවන ලද විනය නියෝග පිළිබඳව පළාත තුළ අවසාන අභියාචනා නිලධාරියා වශයෙන් ගරු ආණ්ඩුකාරතුමා විසින් දෙනු ලබන නියමයන් ක්‍රියාත්මක කිරිම.
   
        සේවාවන්    
   
  • පළාතේ වාර්ෂික මූල්‍ය අවශ්‍යතා අනුව පළාත් සභාව තුළ වාර්ෂික මූල්‍ය ප්‍රකාශය හා ආදායම් හා වියදම් ඇස්තමේන්තු ලේඛනය ගරු ආණ්ඩුකාරතුමා විසින් අනුමත කිරීම .
  • පළාත් සභාව විසින් අනුමත කරනු ලබන ප්‍රඥප්ති සඳහා ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ලබාදීම.
  • පළාත් රාජ්‍ය සේවයට අදාළ තනතුරුවලට පත්කිරීම උසස් කිරීම මාරු කිරීම හා විනය පාලනය පිළිබදව පරිපාටි අනුමත කර ගැනීම.
  • පළාත් මූල්‍ය පාලනය පිළිබඳව රීතිමාලා අනුමත කර ගැනීම
  • පළාත් රාජ්‍ය සේවයේ නිලධාරින්ට හා සේවකයන්ට පළාත් නිලධාරීන්ගෙන් ලැබෙන විනය නියෝගයන් හා නියමයන් වලින් අතෘප්තියට පත්වන අවස්ථාවලදී අභියාචනා බලධරයා විසින් පළාත් ආණ්ඩුකාරතුමාට අභියාචනා ඉදිරිපත් කර සහන ඉල්ලා සිටිය හැක.
  • පළාත තුළ පරිපාලන මූල්‍ය හා සංවර්ධන කටයුතුවලදී පළාත් සභාවේ බලධරයෙකුගේ නියමයක් හෝ විධානයක් නිසා අගතියට හෝ අසාධාරණයට ලක්වන අයෙකුට ගරු ආණ්ඩුකාරතුමා වෙත අභියාචනයක් ඉදිරිපත් කර සාධාරණය ඉෂ්ඨ කරවා ගැනීමට ඉල්ලා සිටිය හැකිය.
   
© ප්‍රකාශන හිමිකම 2010 සබරගමුව පළාත් සභාව (සියලුම හිමිකම් ඇවිරිනි)