Newweb111 copy
ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය හෝ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය භාවිතා කරන්න. නිවැරදි දැකීම සඳහා 1024 x 768 ට තිරය සකසන්න
ප්‍රවෘත්ති කියවීම සඳහා යුනිකෝඩ් ‍ෆොන්ට් භාවිතා කරන්න
විශේෂ පුවත්
 
   
චක්‍රලේඛ
dot ප්‍රඥප්ති
ටෙන්ඩර් දැන්වීම්new
ප්‍රතිඵලnew
බඳවා ගැනීම්
පරිගණක පාඨමාලා
dot සබරගමුව පළාත් මධ්‍යකාලීන සංවර්ධන සැලැස්ම
   
සංඛ්‍යාලේඛන
දුරකථන නාමාවලිය
   
ජාතික කොඩිය
රාජ්‍ය ලාංඡනය
පළාත් කොඩිය
පළාත් පුෂ්පය
අකුරු ගන්න
   
වෙබ් අඩවිය සඳහා තොරතුරු එවීමේ ආකෘතිය
(සබරගමුව පළාත් සභා කාර්යාල සඳහා පමණි)
2010.
 
 
Newweb.
අපේ දැක්ම
සබරගමුව අනභිබවනීයත්වයට
 
අපේ මෙහෙවර
සබරගමුව ජනතාවගේ අභිවෘද්ධිය සඳහා සියලුම සම්පත් ඵලදායීව හා ගුණාත්මකව කළමනාකරණය කිරීම තුලින් සබරගමුව අභිමානවත් පෙරගමනකට
Untitled Document
පළාත් පුෂ්පය

අප "වෙසක් මල" නමින් දක්නා උඩවැඩියා මලෙහි උද්භිද නාමය "DENROBIUM MACCARTHAIAE" (ඩෙන්රෝබියම් මැකාර්තී) වේ. එසේ නම් කලේ 1864 වසරේ මෙරට සිට මහ ලේකම්වරයෙකු වු මැකාර්තී මහතාගේ බිරිඳගේ නමිනි.

අපට හුරුපුරුදු "වෙසක් මල" තෙත් වැසි වනාන්තර වල ගස් කඳන් වල වැවේ. එහෙයින් සිංහරාජ හා සිරිපා අඩවියෙහි බහුලව දැකිය හැකිය.

මෙහි මුදුන් මුලක් නැත. ඒක බීජ පත්‍ර ශාඛයකි. "ඕකිඩාසේ" කුලයට අයත් අපි ශාඛයකි. මුල් දෙවර්ගයකි. ගසකට හෝ වැලකට ඇලව සිටින ආලග්න මුල් හා කඳෙහි හටගෙන එල්ලෙන වායව මුල් වශයෙනි. මුල් බිස්සක් සේ වැවේ. මුල් සුදු පැහැයට හුරු දම් පාට වේ. පත්‍රයන් තදැති බවක් පෙන්වන්නේ අධික ලෙස ජලය රඳවාගෙන ඇති නිසාය. එහි පත්‍රයක් සෙන්ටිමීටර 4 සිට 8 දක්වා දිගු වේ.

මලක පැහැය ලා දම් වේ. එක් ඉත්තක මල් 10-50 ත් අතර තිබේ. මසක් පමණ කල් පර නොවේ. කෘමින් මඟින් පුෂ්පරාග පරාගනය වේ. බීජ සුළඟ මඟින් ව්‍යාප්ත වේ. එක් දිලීර වර්ගයක් පාදක කොට ගෙන වැඩී පෝෂණය වේ.

බුදුහිමියන්ගේ තෙමඟුල සිදුවු වෙසක් මාසයේ පිපෙන මෙම උඩවැඩියා මලට එදා සමාජය "වෙසක් මල" යැයි නම් තැබුවා විය හැක. එමෙන්ම බුදුන් වහන්සේගේ සිරිපා ලකුණ තැබු සමන්ත කූඨය ආශ්‍රිතව මෙම ශාඛය බහුලව දක්නට ලැබීමද සුවිශේෂී දෙයකි.

ජනගහනය අධික වීම නිසා සිදුව ඇති පරිසර විනාශයද, මල් ලෝලීන් විසින් පරිසරයෙන් ගලවාගෙන යෑමද නිසා "වෙසක් මල" සීඝ්‍රයෙන් වඳවෙමින් පවතී.

අන්තර් ජාතික ස්වභාවික සම්පත් සංරක්ෂණ සංවිධානය (IUCN) විසින් වඳවීමේ තර්ජනයට මුහුණ දෙන ලෝකයේ ජීවීන් හා පැලෑටි අතරට මෙයද ඇතුලත් කර ඇත. එය රතු දත්ත පොතටද (RED DATA BOOK) ඇතුලත් කර ඇත.

පාරිසරික සහ ස්වභාවික සම්පත් අමාත්‍යාංශය මඟින් 2005 වර්ෂයේදී පළාත් පුෂ්පය ප්‍රකාශයට පත් කිරීමේදි සබරගමුව පළාත් පුෂ්පය වශයෙන් වෙසක් මල තෝරා ගෙන ඇත.
© ප්‍රකාශන හිමිකම 2010 සබරගමුව පළාත් සභාව (සියලුම හිමිකම් ඇවිරිනි)